Thursday, July 30, 2015




                                                      අම්මේ



විටෙක මගේ මිතුරිය විය      
විටෙක සහෝදරිය විය
ඒ වෙන කිසිවකු නොව
ඔබයි මගේ අම්මේ
මව දෑස මෙන් රැක ගන්න ඔබ....

වචන ගලපා ලිවීමට නොහැක
ඔබ ගැන අම්මේ
ලොකුම ලොකු ආදරයක්
ඇත මගේ හිතේ
මගේ සුරංගනාවිය ඔබයි
ඔබ මගෙයි...මා ඔබෙයි මගේ
අම්මේ...අම්මේ... 

Thursday, July 9, 2015

                                       කාලය මැව් වෙනසක අරුමේ ....

දහසක් දුක් කරදර මැද වගුරූ දහඩියක්
කොපමනක්දය් නොදනී මුත්
සියල්ල ඒ අප වෙනුවෙන් බැව්
දැනේ වටිනාකම් නිමකළ නොහැකි වූ
"අප්පච්චී "ඔබ නම්......!!!

මේ වදන් පෙළ ඇසූ විගසින් ඔබගේ මතකයත් ඔබගේ ආදරණීය පියාණන් වෙත ඇදී යනවා නිසැකය.මා මේ ඔබට කියන්නට සුදානම් වන කතාවත් තවත් එක අප්පච්චී කෙනෙක් ගැනය. කිතුල්ගල නම් වූ කදු පාමුලකින් වට වී ඇති සුන්දර ගම්මානයේ අප්පුබණ්ඩා මෙලොව එලිය දැක ඇත.සුන්දර වනපෙත්,ඇළ දොළ ගංගා ආදියෙන් නම් මේ සුන්දර ගම්මානය ඉතා පොහොසත්ය.අප්පුබණ්ඩා  සාමාන්‍ය පෙළ දක්වා අද්‍යාපනය හදාරා ඇති අතර ඉන්  පසුව පියාත් සමග ගොවිතැන් කටයුතු කිරීමට ඔහුට සිදු වී ඇත. ඒ ඔහු පවුලේ වැඩිමලා  වූ නිසාය. ඔහුගෙන් පසු තවත් සහෝදර සහෝදරියන් දහදෙනෙකුගේ බර තම පියාට තනිවම දැරිය නොහැකි නිසා එහි වගකීම අප්පුබණ්ඩා හටත් පැටවිණි. කෙමෙන් කෙමෙන්  කාලය මෙසේ ගෙවී යනවිට අප්පුබණ්ඩාගේ කල වයසත් සම්පුර්ණ වී තිබුණි. ජිවිතයේ හමුවන්නා වූ අසීරු මන් පිලිබදවත් දිළිදු බාවයේ රහ පිලිබදවත් හොද හැටි අප්පුබණ්ඩා දැනසිටියේය.තම ගමේම දන්නා හදුනන තරුණියක් විවාහ කරගත් ඔහු ඉතාමත් සතුටින් අලුත් ජීවිතය ගෙවන්නට විය. දරුවන් අට දෙනෙකුගේ පියෙකු වන විට ඔහුටත් නොදැනීම කාලය ගෙවී ගොස්ය. තම දරුවන් සියල්ලන්ටම හොද අද්යාපනයක් ලබා දීමට ඔහු කටයුතු කලේ එහි ඇති වැදගත්කම  නිසාය.මේ කටයුතු සියල්ලම ඔහු සිදුකලේ තම ගොවිතැන්  කටයුතුවලින් උපයාගත් සොච්චම් මුදලින්ය... 'සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ සිරුරේ නොදැරුවත් දිවි බර මට රැදුනේ මහමෙරකට උසය්  දරු පෙම හද පතුලේ පුදුමය්  පුතුනි කීම මගේ ලේ කිරි නොවුනේ.. මේ ඔහුගේ හදවතේ තම දරුවන් පිලිබදව නැගෙන්නා වූ පිය සෙනෙහසය්.
                                                                            'කාලය  මැව් වෙනසක අරුමේ' යන කියමන සනාථ කරමින් තම  ජිවිතයේ දුක්බරම කාලයට අප්පුබණ්ඩා මුහුණ දුන්නේ තමන්ගේ දෙනෙතින් වැගිරෙනා කදුළු වලට හොදින් පාර  තනමින්ය.ඒ තමාගේ දුවා දරුවන් හට ඔවුන්ගේ අප්පච්චීව අමතක කල හෙය්ණි. තමාගේ තනි නොතනියට හෝ ලගින් සිටි ආදරණීය බිරිදද මෙලොව  හැර යන්නේ දරුණු පිළිකාවකින්ය.මුළු ජිවතයම
කල කිරී සිටි ඔහු තම උපන් ගම්මානය අතහැර කොළඹ ප්‍රදේශයට පැමිණෙන්නේ සියලු අමිහිරි මතකයන් අමතක කිරීමේ අදිටනින්ය. නාරාහේන්පිට ප්‍රදේශයේ කුඩා කඩයක් තුලට සිර වී පත්තර විකිණීමේ රස්සාව තමන්ගේ ජීවිකාව කරගැනීමට අප්පුබණ්ඩා තීරණය කරන්නේ වෙන කල නොහැක්කක් නිසාය.අපට අප්පුබණ්ඩාව මුනගසෙන්නේද මේ අවස්ථාවේදිය.ඔහුගේ ජිවින ගමන් මගේ ඔහු දුක් විදි ගැටළු අත්දැකීම්ද මෙලෙස අප හමුවේ තැබුවේ නිසැකවම අප දෙනෙත් වලටද කදුලක් නගේමින්ය....මවකට මුවා වී නුබ වෙත දිරි දුන්නේ මම වෙමි පුතුනි එය මා පමණි දන්නේ පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නි...මේ ඔහුගේ මුවින් පිටවන්න වූ පදවල්ය