Tuesday, March 8, 2016

ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ……


අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬින් ගැයුන ළඳුනේ ගී පද පේලි රසික හද දිනා ගනිද්දී ගීතයේ අර්ථය පිළිබඳවද යම් තාක් දුරකට රසික අවධානය නිරායාසයෙන්ම යොමු උනා කීවොත් නිවැරදියි. ගීතයක වචන වලට, හැගීම් වලට පන දෙන්න කේමදාසයන් තරම් තවත් විශිෂ්ටයෙක් සිටි නැති තරම්ය. විටෙක එතුමා මේ ගීතය පිලිබඳ පවසන්නේ මානව දයාවෙහි උපරිම තලය ස්පර්ශ කරන ගීතයක් ලෙසයි. ඔබද මේ ගීතයෙන් කියවෙන්නේ කුමන ආකාරයේ ළඳක් පිලිබඳවදැයි දන්නවාට නොඅනුමානය. සරලවම කිවහොත් ගීතයෙන් කියවෙන්නේ සමාජය තුල නොයෙක් අයුරින් ගැරහුමට ලක්වෙන ගණිකා වෘත්තියේ යෙදෙන සිටින කාන්තාවක් ගැනයි.
ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරෙකු මුහුණ දුන් සැබෑ සිද්ධියක් තමයි ගීතයට නිමිත්ත සපයා තිබෙන්නේ. එම මිතුරා එවකට මහනුවර අලුතින් නවාතැන් ගන්නට ලැබුනේ බෝඩිමක. එහි සගයන් පුරුද්දක් ලෙස සිදු කල දෙයක් තමයි සිය වැටුප ලැබුන දිනයට ආසන්න දිනයක ගණිකාවක් බෝඩිමට ගෙන ඒම. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට මෙය තරමක් නුහුරු අත්දැකීමක් වුනා. තම අන් සගයන්ට වඩා තරමක් වෙනස් කෙනෙකු වූ ඔහු මෙම ක්‍රියාව ප්‍රතික්ෂේප කළා. සුපුරුදු ලෙසම රාත්‍රියේ බෝඩිමේ සගයන් පිරිස අභිසරුලියක් සමග ලැගුම් ගන්නට යෙදුනා. එම දිනට පසුවදා යෙදී තිබුනේ පෝය දිනයක් නිසා පසුදා සවස දළදා වඳින්නටත් පිරිස පිටත් වෙනවා. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට එක්වරම පෙර දින රාත්‍රියේ ඔහුගේ බෝඩිමේ සගයන් සමග පැමිණි කාන්තාව ඇස ගැටෙනවා. මිතුරන්ටද ඇයව හඳුනා ගැනීමට එතරම් අපහසු නොවුනත් කිසිවෙක් නාදුනනා සේ සිටිද්දී ඇයද ඔවුන්ව මග හැර යනවා. මිත්‍රයාට එය තරමක් සිතේ කම්පනයක් ඇති කල කරුණක් බවට පත් වෙනවා. පෙර දින ඇයව ඇසුරු කල මිතුරන්ද ඇයව දැන් ප්‍රතික්ෂේප කරන්නේ ඉතා පිළිකුල් සහගතවයි. මේ සිද්ධිය කන වැකෙන රන්බණ්ඩා මහතා මේ දෙස බලන්නේ වෙනත්ම කෝණයකින් සැබවින්ම වැරදි කව්රුද, මෙම කාන්තාවට සමාජය ඉදිරියේ ඇති තත්වය කුමන ආකාරයේ එකක්ද යැයි නිසැකයෙන්ම ඔහුට වැටහෙන්නට ඇති. “ළඳුනේ..ළඳුනේ..” යන යෙදුම භාවිතා කරමින් ඉතා දයාබර ලෙස ඇයව ආමන්ත්‍රණය කරන්නේද ඒ හේතුවම නිසා වන්නට ඇති.

Thursday, February 25, 2016

bfrka yfoka t<sh wrka
.fyka jef,ka iqj| wrka
wef<ka fodf,ka isis, wrka
wmg ieÿkq wfma f,dalfha
i;=gq fjkak tkak hd¿fõ

iuk< ;gq is|skafkmd
mdg uelS hhs foaoqkafka
.yje, is| oukafkmd
fmf<dj oejS hhs br .skafka
wmg ieÿkq wfma f,dalfha
i;=g iod rlsuq hd¿fõ

https://www.facebook.com/%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%93-%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B7%83-898520743551285/

Wednesday, February 24, 2016

පාළුව දෙවනත් කරලා නාඬන් උලලේනෝ

විරහව විඳින පෙම්වතෙකුට, තනිකම විඳින තනිකඩයෙකුට ගුණදාස කපුගේ ශූරීන් ගයන මේ ගීය තරම් හිතට දැනෙන ගීතයක් නොමැති තරම්ය. කෙසේ වෙතත් ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ගීතයට පාදක කොටගෙන ඇති වස්තුබීජය “ප්‍රේමය” මාතෘකාවෙන් තරමක් ඔබ්බට යන්නකි.
එක්දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ල තුලින් ඊට දායක වූවෙකු එයින් ලබන පරාජයත් සමග කැලයේ සැඟවී සිටිද්දී ඔහුට දැනෙන තනිකම, සගයන්ගෙන් ඈත් වීම තුලින් ඇති වූ දුක මේ ගීතය රචනා කිරීමෙහිලා රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ට හේතු වී ඇත.

උලලේනා, උලමා හා බැඳුනු විවිධ කතාන්දර හා මතයන් ගැමි සමාජය බොහොමයක් පවතී.සමස්තයක් ලෙස සලකද්දී උලලේනා කෙරෙහි සමාජය තුලින් ජනිත වන්නේ එතරම් සුභවාදී ආකල්පනම් නොවෙයි. උල ලේනෙක් හැඩීම ගමක ආසන්න මරණ සතක් සිදුවීමට හේතුවක් බවද ඇතැම් වැඩිහිටියන්ගේ මතයයි .
කෙසේ වෙතත් “උලලේනෝ” පදය භාවිතා කිරීම තුලින් ගීතය තුලින් දනවන්නට උත්සහ කරන පාළුව, දුක ,අසුභවාදී බව දෙගුණ තෙගුණ වී තිබෙනවා.


පාළුව දෙවනත් කරලා නාඬන් උලලේනෝ….. කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උලලේනෝ…..

කිසිවෙකුත් නොමැතිව තනිව වනයේ දිවි ගෙවන ඔහුට මෙන්ම අනිත් සගයින්ටත් මේ උදා වී ඇත්තේ ඉතා නරක කාලයක්.උලලේනාගේ හඬේ ඇති දුක්බර අදෝනා බව නිසා තනිකම තවත් තීව්ර වන හෙයින් ඔහු උලලෙනාගෙන් අසරණව යදින්නේ හැඩීම නවත්වන ලෙසය.

සීත සුළං හිරිකඩයි කැලේ අපට උරුමේ…. උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උලලේනෝ….

ඔහු මේ ගෙවන්නේ සැප පහසු කාලයක් නොවෙයි. සීත සුළං හිරිකඩයි යනුවෙන් රචකයා අදහස් කර ඇත්තේ ඔහු සිටින භයංකර තත්වයයි.වනයේ ජීවත් වෙන ඔහු උලලේනා හට පවසනවා උලලේනාට පිහාටු පමණක් තිබෙන්නක්මෙන් ඔහුටද ඉතිරිව ඇත්තේ අටවා ගත් පැල්පත පමණක් බව.

ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ…… උඹටත් එක්කයි මම මේ කවිය කියන්නේ උලලේනෝ….

සියල්ල සිදු වී හමාරයි දැන් තව දුරටත් හඬා පලක් නොවෙයි.තව යමක් කෙරුවද පලක් නොවෙයි.තමා අවබෝධ කර ගත් දුක් බර වේදනාව ඔහු උලලේනාටද කියා දෙයි.

සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේ…. නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ උලලේනෝ…..

කැරැල්ල අසාර්ථක වී සිය සගයින්ද දිවි පුදා හමාරය. නමුත් ඔහු තවම සිය විමුක්තිය අත් හැර පරාජය භාර ගැනීමට සුදානම් නොමැත.එවැනි අරගලයකදී ඇතිවන තත්වය පිලිබදව බව ඔහු නොදැන සිටියා නොවේ.මේ දුක් සියල්ල අවසන් වෙන්නේ කෙසේ හෝ ඔවුන් ඔවුනට අවැසි ලෝකය ලබා ගත් විට පමණක් බව ඔහු තමන්ට සිටින එකම මිත්‍රයා වන උලලෙනාට පවසයි.
ගීතය එසේ අවසන් වත්ම තවත් පැනයක් සිතේ පවතියි. ඒ “උලලේනා” යනුවෙන් මෙම ගීතයේ හඳුන්වා ඇත්තේ දුක් විඳින, අසරණව තම දුක කියා ගැනීමට නොහැකිව හඬන සමස්ත ජනතාවදෝ කියායි.
ගීතයේ අර්ථය එසේ වෙද්දී ගීතය රස විඳින ශ්‍රාවකයින්ට ඔවුනොවුන්ගේ ජීවිත වලට, මාතෘකා වලට ගීතය ඈඳා ගැනීමට සම්පූර්ණ ඉඩ හසර රචකයාණන් විසින් ඉතා විශිෂ්ට ලෙස ලබා දී ඇත.

Tuesday, February 23, 2016

නුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට….

Add caption
බන්දුල නානායක්කාරවසම් ගීත රචකයා මේ ගීතයෙන් සියුම්ව ස්පර්ශ කරන්නේ එවකට දැඩි කතාබහට ලක් වූ සමාජයේ තවත් වෘත්තියකි. ඒ ඇඟලුම් වෘත්තියයි. අපනයන වෙළඳ කලාප වශයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලා බිහි වෙද්දී ඒ හරහා රැකියා දහස් ගණනින් නිර්මාණය විය. ග්‍රාමීය සහ අර්ධ නාගරික දරිද්‍ර තාවය හේතුවෙන්ම නොයෙක් ප්‍රදේශ වලින් ශ්‍රමය මේ බිහි වන රැකියා වෙත ඇදෙන්නට විය. නගරයේ සමාජ විෂමතාවන් ගැන නොදත් ගමේ ගමේ අහිංසක යුවතියන්ද ඔවුන්ට තිබු සිහින කිහිපයක් මල්ලක දමාගෙන නගරයට ආවේ ඉන් කිහිපයක් හෝ සැබෑ කර ගැනීමේ අරමුණ පෙරදැරිවයි. නගරයේ ජීවිතය ඔවුන් සිතූ තරම් සුන්දර නොවූ තැන, නගරයේ ඔවුන්ගේ කියා කිසිවෙකු නොසිටි තැන සිදු වුයේ හමු වූ, කතා කල පමණින් යමෙකුගෙන් පිහිට පැතීමයි. අතිශය ආත්මාර්ථකාමී සමාජයේ ඔවුන් රවටා ඔවුන්ගෙන් සිය වුවමනා සපුරා ගැනීමට පිරිසක් බිහි වන්නේ මෙලෙසයි. ඔවුන් මුහුණ පාන ජීවිතය රචකයා දකින්නේ මෙලෙසයි.
රෑ වැඩ මුරය අවසන්වන කණිසමට
නුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට…. අරුණලු කැරළි වැටෙනා සඳ අලුයමට නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට….
රාත්‍රී වැඩ මුරය නිමා කල ඇඟලුම් යුවතිය දැඩි වෙහෙසට පත්වීම නිසාම ඇගේ මුහුණ පර වී ගිය මලක් සේ දිස් වෙයි. කිසිඳු සතුටක් සිනාවක් ඒ තුල නෑ. රෑ වැඩ නිමා වී නවාතැන් බලා යන ඔවුන්ට රාත්‍රිය උදා වෙන්නේ උදෑසනයි. නින්දක් කියා සුළු විවේකයක් හෝ ඔවුන්ට ඇත්තේ උදෑසන පමණකි. එය සැබෑවටම පෙර කල පවක් ගෙවනා සේම දුකකි..
තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ…. මල්විය නොවෙද මේ දියකර හරින්නේ මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ…..
ඇයට මෙන්ම ඇගේ දෑඟිලි වලටද එක දිගට මැසීම හැරෙන්නට කිසිඳු විවේකයක් නැත. ඇගේ සුන්දරත්වය මැහුම් ශාලාවේ කෘත්‍රිම ආලෝකයටම වියැකී යැයි.. මේ ගෙවී යන්නේ ජීවිතයේ විඳින්නට තියන මල් වයසම නොවේද.. මැෂිමේ ශබ්දයට මුවා වී ඇගේ හදවතේ දුක නිසාම නිරන්තරයෙන්ම හඬයි.. “මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ”.. ගීතයේ පද සියල්ලෙන්ම රසික හදවත එක එල්ලයේම ස්පර්ශයට සමත් එක් පද පේලියකි.
නුඹෙ කඳුළැලි ද සයුරේ රැළි නඟන්නේ හද සුසුමන් ද පවනක් වී හමන්නේ….. තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ……
ඈ හෙලන කඳුළු සයුරක මහා දිය කන්දට සමයි.. හෙලු සෝ සුසුම් හමන සුළඟට සමයි.. නගරය තුල තමාට තමා පමණක්ම වෙයි. ඇයගේම කියා ඈට පිහිට වන්නට කිසිවෙකුත් නැත. ඇය මැෂිමක් සමග දැඩි වෙහෙස වී මේ සිදු කරන්නේ ඇඳුම් මැසීම පමණක් වුවත් ඒ පිටුපස සැඟවී ඇති ඇගේම ජීවිතයේ, ඇගේ පවුලේ අඩුපාඩු සපුරාලීම ඇගේ එකම අරමුනයි.
“ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ” ගීතය තුල ඇති තවත් විශේෂ පද පේලියකි. නිසැකවම රසික හද කම්පාවට පත්කරවනසුලුය.

ගීතයට ලැබුණු අගයකිරීම් එමටය.සංගීතවත් කල රෝහණ වීරසිංහයන්ට ගායනා කල සුනිල් එදිරිසින්හයන්ට වාගේම රචක බන්දුල නානායක්කාරවසම් මහාතාටත්..! නමුත් මෙවැනි විශ්මය ජනකප්‍රතිභාවක් විදහා පාන පරිසමාප්ත කළා නිර්මාණයකට කොතෙකුත් අගය කිරීම් ලැබුනද එයින් සෑහීමකට පත් වීමට බුද්ධිමත් රසිකයෙකුටනම් කිසි සේත් නොහැකිය.

මේ තරම් සියුමැළි ද කළුගල්

ඔබ දන්නා පරිද්දෙන්ම මෙවන් යුගයක අමරණීය ගීත බිහි වූවේනම් සංඛ්‍යාත්මකව ඒ ඉතා සුළු නිර්මාණ කීපයකි. එසේ බිහි වූ ගීත අතර ප්‍රමුඛ ස්ථානයක් දිනා ගන්නා ගීතයකි “මේ තරම් සියුමැලිද කළුගල්” ගීතය. පද රචනය අතිශය සරල නිසාවෙන්ම බහුතර රසික ශ්‍රාවක පිරිසකගේ හද වැළඳ ගන්නට සමත් වන්නට මෙම ගීතයට හැකි විය. සාමාන්‍ය ගීත මාතෘකා වලින් ඉතා ඇතට  ගිය අර්ථයක් මෙකී ගීය තුල විමසුමට ලක් කොට ඇත.
ගීතය තුලින් ඉස්මතු කරන එක තරා පුද්ගලයකුගේ චරිතයක්  වෙයි. එනම් එකල ශිලා නිර්මාණ තැනීමට දායක වූ කළා කරුවකුයි. වචනාර්ථ එසේ වුවත් ගීය තුලින් සියුම් ලෙස විමසා බැලෙන්නේ සැබෑ ලෙසම කලාවට ආදරය දක්වන සැබෑ කළා කරුවා පිළිබඳවයි.

මේ තරම් සියුමැළි ද කළුගල් හිතන්නටවත් බැරි නිසා…… මම ගියා අවුකන බුදුන්ටත් දෑස දුන් මිනිසා සොයා……..
ඓතිහාසික ශිලා නිර්මාණ අතර ප්‍රධාන ස්ථානයක් උසුලන අව්කන බුදුන් ඉතා සියුම් ලෙස නිර්මාණය වූවකි. සැබවින්ම ඒ දෙස කලාත්මක ඇසකින් බැලුවහොත් එය කළු ගලෙන් නිර්මාණය කරන ලද්දක්දැයි සැක සිතෙන තරමටම විශ්මය ජනකය. ගීය තුල කරුණු ගෙන හැර දක්වන රචකයා විසින් මවන ලද චරිතය මෙකී අවුකන බුදුන්ට දෑස් දුන් කළා කරුවා කුමන ආකාරයේ අයෙකුයි සොයා යයි.

කලාවැව ළඟ ඉලුක් හෙවණක මැටි පිලක පැදුරක් එලා…… රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා……

ඔහුගේ දිවිය ඇති සුඛෝපභෝගී නොවූවකි. කළා වැව අසබඩ දිවි ගෙවන ඔහු ඉලුක් හෙවන යට පිලේ පැදුරක් එලා විවේකී සුවෙන් හිඳියි. රළු කළු ගල් සංවේදී නිර්මාණ කරන්නට පොර බදන ඔහුගේ සිරුරේ රිදුම් ඔහුම පිරි මදිමින් කලා වැවේ රල දෙස නෙත් යොමයි. සැබෑ කළා කරුවා සිය නිර්මාණ කෙරෙහි ආදරය දක්වනවා හැරෙන්නට ලව්කික සැප සම්පත් පසුපස හඹා නොයන්නෙකි. සරලව ජීවත් වෙන ඔහු ජීවිතයේ පවතින අනියත බව මනාවට වටහා ගත් අයෙකි.ඒ බව රචකය විසින්  ඉතා අපූර්වතම යෙදුමක් බාවිතයෙන් ගෙන හැර දක්වයි. එනම් “මැරෙන ඉපදෙන රල” යන්නයි. සැම ජීවිතයකටම පොදු වූ ධර්මතාව මේ වචන ත්‍රිත්වයෙන් පමණක් ඉතා අපුර්ව  ප්‍රකාශ කරයි.

ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා….. මා ඇසූ විට හිනැහුණා ඔහු තාම තනිකඩ යැයි කියා…..

කෙතරම් දක්ෂ අයුරින් ඉසුරුමුණි පෙම් යුවල වන් ශිලා කැටයම් පවා නිර්මාණය කලද. මොහු තවම දිවි ගෙවන්නේද තනිවමය. ඇතැම් විට කළා කරුවා සිය ජීවිතයම කැප කරන්නට ඇත්තේ කලාව සඳහාම විය යුතුය. ඒ හැර සිය ජීවිතයට හෝ මූලිකත්වය දීමට ඔහු තුල උනන්දුවක් නොමැති වන්නට ඇත. එනමුත් ඒ පිලිබඳ පශ්චාත්තාපයක්ද ඔහු තුල නොවෙයි.ඔහු සිනාසෙයි. ජීවත් වීමට ඔහුට අවශ්‍ය වන ධෛර්යය, ශක්තිය ඇත්තේ ඔහුගේම නිර්මාණ තුල වනවාට සැක නැත.ගීතය අවසන් වන්නේ මෙකී කළා කරුවා පිලිබඳ සියුම් ශෝකාන්තයක් ද අප හදවත් තුල තැන්පත් කරමිනි.

One of the my favourite song