Tuesday, March 8, 2016

ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ……


අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬින් ගැයුන ළඳුනේ ගී පද පේලි රසික හද දිනා ගනිද්දී ගීතයේ අර්ථය පිළිබඳවද යම් තාක් දුරකට රසික අවධානය නිරායාසයෙන්ම යොමු උනා කීවොත් නිවැරදියි. ගීතයක වචන වලට, හැගීම් වලට පන දෙන්න කේමදාසයන් තරම් තවත් විශිෂ්ටයෙක් සිටි නැති තරම්ය. විටෙක එතුමා මේ ගීතය පිලිබඳ පවසන්නේ මානව දයාවෙහි උපරිම තලය ස්පර්ශ කරන ගීතයක් ලෙසයි. ඔබද මේ ගීතයෙන් කියවෙන්නේ කුමන ආකාරයේ ළඳක් පිලිබඳවදැයි දන්නවාට නොඅනුමානය. සරලවම කිවහොත් ගීතයෙන් කියවෙන්නේ සමාජය තුල නොයෙක් අයුරින් ගැරහුමට ලක්වෙන ගණිකා වෘත්තියේ යෙදෙන සිටින කාන්තාවක් ගැනයි.
ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරෙකු මුහුණ දුන් සැබෑ සිද්ධියක් තමයි ගීතයට නිමිත්ත සපයා තිබෙන්නේ. එම මිතුරා එවකට මහනුවර අලුතින් නවාතැන් ගන්නට ලැබුනේ බෝඩිමක. එහි සගයන් පුරුද්දක් ලෙස සිදු කල දෙයක් තමයි සිය වැටුප ලැබුන දිනයට ආසන්න දිනයක ගණිකාවක් බෝඩිමට ගෙන ඒම. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට මෙය තරමක් නුහුරු අත්දැකීමක් වුනා. තම අන් සගයන්ට වඩා තරමක් වෙනස් කෙනෙකු වූ ඔහු මෙම ක්‍රියාව ප්‍රතික්ෂේප කළා. සුපුරුදු ලෙසම රාත්‍රියේ බෝඩිමේ සගයන් පිරිස අභිසරුලියක් සමග ලැගුම් ගන්නට යෙදුනා. එම දිනට පසුවදා යෙදී තිබුනේ පෝය දිනයක් නිසා පසුදා සවස දළදා වඳින්නටත් පිරිස පිටත් වෙනවා. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට එක්වරම පෙර දින රාත්‍රියේ ඔහුගේ බෝඩිමේ සගයන් සමග පැමිණි කාන්තාව ඇස ගැටෙනවා. මිතුරන්ටද ඇයව හඳුනා ගැනීමට එතරම් අපහසු නොවුනත් කිසිවෙක් නාදුනනා සේ සිටිද්දී ඇයද ඔවුන්ව මග හැර යනවා. මිත්‍රයාට එය තරමක් සිතේ කම්පනයක් ඇති කල කරුණක් බවට පත් වෙනවා. පෙර දින ඇයව ඇසුරු කල මිතුරන්ද ඇයව දැන් ප්‍රතික්ෂේප කරන්නේ ඉතා පිළිකුල් සහගතවයි. මේ සිද්ධිය කන වැකෙන රන්බණ්ඩා මහතා මේ දෙස බලන්නේ වෙනත්ම කෝණයකින් සැබවින්ම වැරදි කව්රුද, මෙම කාන්තාවට සමාජය ඉදිරියේ ඇති තත්වය කුමන ආකාරයේ එකක්ද යැයි නිසැකයෙන්ම ඔහුට වැටහෙන්නට ඇති. “ළඳුනේ..ළඳුනේ..” යන යෙදුම භාවිතා කරමින් ඉතා දයාබර ලෙස ඇයව ආමන්ත්‍රණය කරන්නේද ඒ හේතුවම නිසා වන්නට ඇති.

Thursday, February 25, 2016

bfrka yfoka t<sh wrka
.fyka jef,ka iqj| wrka
wef<ka fodf,ka isis, wrka
wmg ieÿkq wfma f,dalfha
i;=gq fjkak tkak hd¿fõ

iuk< ;gq is|skafkmd
mdg uelS hhs foaoqkafka
.yje, is| oukafkmd
fmf<dj oejS hhs br .skafka
wmg ieÿkq wfma f,dalfha
i;=g iod rlsuq hd¿fõ

https://www.facebook.com/%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%93-%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B7%83-898520743551285/

Wednesday, February 24, 2016

පාළුව දෙවනත් කරලා නාඬන් උලලේනෝ

විරහව විඳින පෙම්වතෙකුට, තනිකම විඳින තනිකඩයෙකුට ගුණදාස කපුගේ ශූරීන් ගයන මේ ගීය තරම් හිතට දැනෙන ගීතයක් නොමැති තරම්ය. කෙසේ වෙතත් ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ගීතයට පාදක කොටගෙන ඇති වස්තුබීජය “ප්‍රේමය” මාතෘකාවෙන් තරමක් ඔබ්බට යන්නකි.
එක්දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ල තුලින් ඊට දායක වූවෙකු එයින් ලබන පරාජයත් සමග කැලයේ සැඟවී සිටිද්දී ඔහුට දැනෙන තනිකම, සගයන්ගෙන් ඈත් වීම තුලින් ඇති වූ දුක මේ ගීතය රචනා කිරීමෙහිලා රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ට හේතු වී ඇත.

උලලේනා, උලමා හා බැඳුනු විවිධ කතාන්දර හා මතයන් ගැමි සමාජය බොහොමයක් පවතී.සමස්තයක් ලෙස සලකද්දී උලලේනා කෙරෙහි සමාජය තුලින් ජනිත වන්නේ එතරම් සුභවාදී ආකල්පනම් නොවෙයි. උල ලේනෙක් හැඩීම ගමක ආසන්න මරණ සතක් සිදුවීමට හේතුවක් බවද ඇතැම් වැඩිහිටියන්ගේ මතයයි .
කෙසේ වෙතත් “උලලේනෝ” පදය භාවිතා කිරීම තුලින් ගීතය තුලින් දනවන්නට උත්සහ කරන පාළුව, දුක ,අසුභවාදී බව දෙගුණ තෙගුණ වී තිබෙනවා.


පාළුව දෙවනත් කරලා නාඬන් උලලේනෝ….. කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උලලේනෝ…..

කිසිවෙකුත් නොමැතිව තනිව වනයේ දිවි ගෙවන ඔහුට මෙන්ම අනිත් සගයින්ටත් මේ උදා වී ඇත්තේ ඉතා නරක කාලයක්.උලලේනාගේ හඬේ ඇති දුක්බර අදෝනා බව නිසා තනිකම තවත් තීව්ර වන හෙයින් ඔහු උලලෙනාගෙන් අසරණව යදින්නේ හැඩීම නවත්වන ලෙසය.

සීත සුළං හිරිකඩයි කැලේ අපට උරුමේ…. උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උලලේනෝ….

ඔහු මේ ගෙවන්නේ සැප පහසු කාලයක් නොවෙයි. සීත සුළං හිරිකඩයි යනුවෙන් රචකයා අදහස් කර ඇත්තේ ඔහු සිටින භයංකර තත්වයයි.වනයේ ජීවත් වෙන ඔහු උලලේනා හට පවසනවා උලලේනාට පිහාටු පමණක් තිබෙන්නක්මෙන් ඔහුටද ඉතිරිව ඇත්තේ අටවා ගත් පැල්පත පමණක් බව.

ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ…… උඹටත් එක්කයි මම මේ කවිය කියන්නේ උලලේනෝ….

සියල්ල සිදු වී හමාරයි දැන් තව දුරටත් හඬා පලක් නොවෙයි.තව යමක් කෙරුවද පලක් නොවෙයි.තමා අවබෝධ කර ගත් දුක් බර වේදනාව ඔහු උලලේනාටද කියා දෙයි.

සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේ…. නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ උලලේනෝ…..

කැරැල්ල අසාර්ථක වී සිය සගයින්ද දිවි පුදා හමාරය. නමුත් ඔහු තවම සිය විමුක්තිය අත් හැර පරාජය භාර ගැනීමට සුදානම් නොමැත.එවැනි අරගලයකදී ඇතිවන තත්වය පිලිබදව බව ඔහු නොදැන සිටියා නොවේ.මේ දුක් සියල්ල අවසන් වෙන්නේ කෙසේ හෝ ඔවුන් ඔවුනට අවැසි ලෝකය ලබා ගත් විට පමණක් බව ඔහු තමන්ට සිටින එකම මිත්‍රයා වන උලලෙනාට පවසයි.
ගීතය එසේ අවසන් වත්ම තවත් පැනයක් සිතේ පවතියි. ඒ “උලලේනා” යනුවෙන් මෙම ගීතයේ හඳුන්වා ඇත්තේ දුක් විඳින, අසරණව තම දුක කියා ගැනීමට නොහැකිව හඬන සමස්ත ජනතාවදෝ කියායි.
ගීතයේ අර්ථය එසේ වෙද්දී ගීතය රස විඳින ශ්‍රාවකයින්ට ඔවුනොවුන්ගේ ජීවිත වලට, මාතෘකා වලට ගීතය ඈඳා ගැනීමට සම්පූර්ණ ඉඩ හසර රචකයාණන් විසින් ඉතා විශිෂ්ට ලෙස ලබා දී ඇත.

Tuesday, February 23, 2016

නුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට….

Add caption
බන්දුල නානායක්කාරවසම් ගීත රචකයා මේ ගීතයෙන් සියුම්ව ස්පර්ශ කරන්නේ එවකට දැඩි කතාබහට ලක් වූ සමාජයේ තවත් වෘත්තියකි. ඒ ඇඟලුම් වෘත්තියයි. අපනයන වෙළඳ කලාප වශයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලා බිහි වෙද්දී ඒ හරහා රැකියා දහස් ගණනින් නිර්මාණය විය. ග්‍රාමීය සහ අර්ධ නාගරික දරිද්‍ර තාවය හේතුවෙන්ම නොයෙක් ප්‍රදේශ වලින් ශ්‍රමය මේ බිහි වන රැකියා වෙත ඇදෙන්නට විය. නගරයේ සමාජ විෂමතාවන් ගැන නොදත් ගමේ ගමේ අහිංසක යුවතියන්ද ඔවුන්ට තිබු සිහින කිහිපයක් මල්ලක දමාගෙන නගරයට ආවේ ඉන් කිහිපයක් හෝ සැබෑ කර ගැනීමේ අරමුණ පෙරදැරිවයි. නගරයේ ජීවිතය ඔවුන් සිතූ තරම් සුන්දර නොවූ තැන, නගරයේ ඔවුන්ගේ කියා කිසිවෙකු නොසිටි තැන සිදු වුයේ හමු වූ, කතා කල පමණින් යමෙකුගෙන් පිහිට පැතීමයි. අතිශය ආත්මාර්ථකාමී සමාජයේ ඔවුන් රවටා ඔවුන්ගෙන් සිය වුවමනා සපුරා ගැනීමට පිරිසක් බිහි වන්නේ මෙලෙසයි. ඔවුන් මුහුණ පාන ජීවිතය රචකයා දකින්නේ මෙලෙසයි.
රෑ වැඩ මුරය අවසන්වන කණිසමට
නුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට…. අරුණලු කැරළි වැටෙනා සඳ අලුයමට නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට….
රාත්‍රී වැඩ මුරය නිමා කල ඇඟලුම් යුවතිය දැඩි වෙහෙසට පත්වීම නිසාම ඇගේ මුහුණ පර වී ගිය මලක් සේ දිස් වෙයි. කිසිඳු සතුටක් සිනාවක් ඒ තුල නෑ. රෑ වැඩ නිමා වී නවාතැන් බලා යන ඔවුන්ට රාත්‍රිය උදා වෙන්නේ උදෑසනයි. නින්දක් කියා සුළු විවේකයක් හෝ ඔවුන්ට ඇත්තේ උදෑසන පමණකි. එය සැබෑවටම පෙර කල පවක් ගෙවනා සේම දුකකි..
තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ…. මල්විය නොවෙද මේ දියකර හරින්නේ මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ…..
ඇයට මෙන්ම ඇගේ දෑඟිලි වලටද එක දිගට මැසීම හැරෙන්නට කිසිඳු විවේකයක් නැත. ඇගේ සුන්දරත්වය මැහුම් ශාලාවේ කෘත්‍රිම ආලෝකයටම වියැකී යැයි.. මේ ගෙවී යන්නේ ජීවිතයේ විඳින්නට තියන මල් වයසම නොවේද.. මැෂිමේ ශබ්දයට මුවා වී ඇගේ හදවතේ දුක නිසාම නිරන්තරයෙන්ම හඬයි.. “මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ”.. ගීතයේ පද සියල්ලෙන්ම රසික හදවත එක එල්ලයේම ස්පර්ශයට සමත් එක් පද පේලියකි.
නුඹෙ කඳුළැලි ද සයුරේ රැළි නඟන්නේ හද සුසුමන් ද පවනක් වී හමන්නේ….. තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ……
ඈ හෙලන කඳුළු සයුරක මහා දිය කන්දට සමයි.. හෙලු සෝ සුසුම් හමන සුළඟට සමයි.. නගරය තුල තමාට තමා පමණක්ම වෙයි. ඇයගේම කියා ඈට පිහිට වන්නට කිසිවෙකුත් නැත. ඇය මැෂිමක් සමග දැඩි වෙහෙස වී මේ සිදු කරන්නේ ඇඳුම් මැසීම පමණක් වුවත් ඒ පිටුපස සැඟවී ඇති ඇගේම ජීවිතයේ, ඇගේ පවුලේ අඩුපාඩු සපුරාලීම ඇගේ එකම අරමුනයි.
“ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ” ගීතය තුල ඇති තවත් විශේෂ පද පේලියකි. නිසැකවම රසික හද කම්පාවට පත්කරවනසුලුය.

ගීතයට ලැබුණු අගයකිරීම් එමටය.සංගීතවත් කල රෝහණ වීරසිංහයන්ට ගායනා කල සුනිල් එදිරිසින්හයන්ට වාගේම රචක බන්දුල නානායක්කාරවසම් මහාතාටත්..! නමුත් මෙවැනි විශ්මය ජනකප්‍රතිභාවක් විදහා පාන පරිසමාප්ත කළා නිර්මාණයකට කොතෙකුත් අගය කිරීම් ලැබුනද එයින් සෑහීමකට පත් වීමට බුද්ධිමත් රසිකයෙකුටනම් කිසි සේත් නොහැකිය.

මේ තරම් සියුමැළි ද කළුගල්

ඔබ දන්නා පරිද්දෙන්ම මෙවන් යුගයක අමරණීය ගීත බිහි වූවේනම් සංඛ්‍යාත්මකව ඒ ඉතා සුළු නිර්මාණ කීපයකි. එසේ බිහි වූ ගීත අතර ප්‍රමුඛ ස්ථානයක් දිනා ගන්නා ගීතයකි “මේ තරම් සියුමැලිද කළුගල්” ගීතය. පද රචනය අතිශය සරල නිසාවෙන්ම බහුතර රසික ශ්‍රාවක පිරිසකගේ හද වැළඳ ගන්නට සමත් වන්නට මෙම ගීතයට හැකි විය. සාමාන්‍ය ගීත මාතෘකා වලින් ඉතා ඇතට  ගිය අර්ථයක් මෙකී ගීය තුල විමසුමට ලක් කොට ඇත.
ගීතය තුලින් ඉස්මතු කරන එක තරා පුද්ගලයකුගේ චරිතයක්  වෙයි. එනම් එකල ශිලා නිර්මාණ තැනීමට දායක වූ කළා කරුවකුයි. වචනාර්ථ එසේ වුවත් ගීය තුලින් සියුම් ලෙස විමසා බැලෙන්නේ සැබෑ ලෙසම කලාවට ආදරය දක්වන සැබෑ කළා කරුවා පිළිබඳවයි.

මේ තරම් සියුමැළි ද කළුගල් හිතන්නටවත් බැරි නිසා…… මම ගියා අවුකන බුදුන්ටත් දෑස දුන් මිනිසා සොයා……..
ඓතිහාසික ශිලා නිර්මාණ අතර ප්‍රධාන ස්ථානයක් උසුලන අව්කන බුදුන් ඉතා සියුම් ලෙස නිර්මාණය වූවකි. සැබවින්ම ඒ දෙස කලාත්මක ඇසකින් බැලුවහොත් එය කළු ගලෙන් නිර්මාණය කරන ලද්දක්දැයි සැක සිතෙන තරමටම විශ්මය ජනකය. ගීය තුල කරුණු ගෙන හැර දක්වන රචකයා විසින් මවන ලද චරිතය මෙකී අවුකන බුදුන්ට දෑස් දුන් කළා කරුවා කුමන ආකාරයේ අයෙකුයි සොයා යයි.

කලාවැව ළඟ ඉලුක් හෙවණක මැටි පිලක පැදුරක් එලා…… රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා……

ඔහුගේ දිවිය ඇති සුඛෝපභෝගී නොවූවකි. කළා වැව අසබඩ දිවි ගෙවන ඔහු ඉලුක් හෙවන යට පිලේ පැදුරක් එලා විවේකී සුවෙන් හිඳියි. රළු කළු ගල් සංවේදී නිර්මාණ කරන්නට පොර බදන ඔහුගේ සිරුරේ රිදුම් ඔහුම පිරි මදිමින් කලා වැවේ රල දෙස නෙත් යොමයි. සැබෑ කළා කරුවා සිය නිර්මාණ කෙරෙහි ආදරය දක්වනවා හැරෙන්නට ලව්කික සැප සම්පත් පසුපස හඹා නොයන්නෙකි. සරලව ජීවත් වෙන ඔහු ජීවිතයේ පවතින අනියත බව මනාවට වටහා ගත් අයෙකි.ඒ බව රචකය විසින්  ඉතා අපූර්වතම යෙදුමක් බාවිතයෙන් ගෙන හැර දක්වයි. එනම් “මැරෙන ඉපදෙන රල” යන්නයි. සැම ජීවිතයකටම පොදු වූ ධර්මතාව මේ වචන ත්‍රිත්වයෙන් පමණක් ඉතා අපුර්ව  ප්‍රකාශ කරයි.

ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා….. මා ඇසූ විට හිනැහුණා ඔහු තාම තනිකඩ යැයි කියා…..

කෙතරම් දක්ෂ අයුරින් ඉසුරුමුණි පෙම් යුවල වන් ශිලා කැටයම් පවා නිර්මාණය කලද. මොහු තවම දිවි ගෙවන්නේද තනිවමය. ඇතැම් විට කළා කරුවා සිය ජීවිතයම කැප කරන්නට ඇත්තේ කලාව සඳහාම විය යුතුය. ඒ හැර සිය ජීවිතයට හෝ මූලිකත්වය දීමට ඔහු තුල උනන්දුවක් නොමැති වන්නට ඇත. එනමුත් ඒ පිලිබඳ පශ්චාත්තාපයක්ද ඔහු තුල නොවෙයි.ඔහු සිනාසෙයි. ජීවත් වීමට ඔහුට අවශ්‍ය වන ධෛර්යය, ශක්තිය ඇත්තේ ඔහුගේම නිර්මාණ තුල වනවාට සැක නැත.ගීතය අවසන් වන්නේ මෙකී කළා කරුවා පිලිබඳ සියුම් ශෝකාන්තයක් ද අප හදවත් තුල තැන්පත් කරමිනි.

One of the my favourite song

Monday, February 22, 2016

දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි…යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා කියල තියෙනව “මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න” ය කියල… සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා “ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව” කියල. පිලිතුර වෙන්නෙ “ඕක මගෙ ඇත්ත අත්දැකීම” යන්න පමණයි…
මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න වෙනවා…
ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම….ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!
මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක් තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක් වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය ඤාතියාට ගෞරව කරන්න.
ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියටගීතවත් වෙන්නෙ.
 
එදා මෙදාතුර කඳුලට විවරවූ දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා…
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා…
දැස් කවුළු පත් පලා කඳුළු කැට වැහෙද්දී මගේ දෑස් අගින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්…

Friday, February 19, 2016



සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරයි ඔබ කිසි දිනක නොඒවී ඉක්මන් ගමන් එපා පය පැකිළේවී දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී…
 
සෑම සංස්කෘතියකටම පාහේ සාහිත්‍යමය අතීත ප්‍රේම වෘතාන්ත්‍ර පෙර අපරදිග භේදයකින් තොරව තිබෙනු දැක ගත හැකි වන්නකි. එවන් ඓතිහාසික වෘතාන්ත්‍ර කීපයක් ලංකේය ජන සාහිත්‍ය තුල ඇති අතරම දස්කොන් ප්‍රමිලා වෘතාන්ත්‍රයට ඉන් සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි. දස්කොන් ගේ සැබෑ නාමය “පේදෲස් ගැස්කන්” වන අතර, මොහු දෙවැනි රාජසිංහ රජ සමයේ ලංකාවට ආ ප්‍රංශ නැවියෙකුට හා උඩරටට සංක්‍රමණය වී සිටි පෘතුගීසි කාන්තාවකට දාව උපන් බව කියවේ. ශ්‍රී වික්‍රම නරේන්ද්‍රසිංහ කුමරු එනම් දෙවැනි රාජසිංහ රජුගේ පුතනුවන් හා බොහෝ කල් පවතී මිත්‍රත්වය ඔහුගේ රජ වීමත් සමග දස්කොන්ට රජ වාසලේ අධිකාරම් තනතුර ලැබීමට හේතු විය. එවක රජ බිසව වී සිටියේ ප්‍රමිලා නම් දකුණු ඉන්දීය සම්භවයක් ඇති කුමරියකි. කවිකම්, සංගීතයට බෙහෙවින් දස්කොන් මෙන් ම ඇයද ඉතා ඇලුම් කොට ඇති බව සඳහන් වේ. මේ ප්‍රේමයට හේතු සාදක වන්නට ඇත්තේද එයමයි. පසු කලෙක රජුට මේ ප්‍රේමය පිලිබඳ සැල වීමත් සමගම දස්කොන් ගේ හිස ගසා දමන්නට එනකොට ඇති බව කියවේ. ප්‍රේම වෘතාන්ත්‍රයේ අවසානය සනිටුහන් වන්නේ එලෙසින්.

සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරයි ඔබ කිසි දිනක නොඒවී ඉක්මන් ගමන් එපා පය පැකිළේවී දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී…

දස්කොන් – ප්‍රමිලා පෙම බිහි වන්නේ සක්මන් මලුවේදිය. මළුවේ දස්කොන් තනි වී ඇත. ප්‍රමිලාට යලි එහි ඒමට ද අවසර නොමැත. සිය පෙම්වතා මරණය වෙත ලඟා වෙන බව දැනුන ප්‍රමිලා බිසව තවමත් දැඩිව ආදරය කරන දස්කොන්ට දඬුවම් නොලැබෙන්නට යැයි ප්‍රාර්ථනා කරයි.

සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ පෙම් ගී ගැයූ විහඟුන් හැපී වැටෙන්නේ රන්තරු දෑස පියන රෑ හඳ පානේ අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ…

රාජ්‍යත්වය, බලය හමුවේ දස්කොන් – ප්‍රමිලා යුවලට කිසි දිනෙක එක වීමට නොහැකි වන බව ඔවුන් දැන සිටියි. ඔවුන්ගේ හමු වීමට සුදුසුව ඇති එකම කාලය රාත්‍රියයි. එවන් රැයක ප්‍රමිලා ළඟ දස්කොන් හිඳින්නේ අත්තන මලක්වයි. අත්තන මල විෂ සහිත මලකි. එලෙස රත්න ශ්‍රී විජේසින්හයක් සංකේතාත්මකව ගෙන හැර දක්වන්නේ මෙකී ප්‍රේමයේ පවතින අවධානම් සහිත බවයි. වාසල මිනිබැඳි දොර අරින වෙලාවේ දෑසින් වැටෙන කඳුළු මට සිහිනොවුනේ ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනිකරන්නෙපා මතු සංසාරේ ප්‍රමිලා දේවියගේ පහස පතා පැමිණෙද්දී මෙකී ප්‍රේමයේ ඇති අවධානම, ඔවුනට අත්විය හැකි ඉරණම ගැන දස්කොන් හට සිහි නොවිණි. මේ ආදරය මේ ආත්මයේ එක නොවුනද දේවියගේ සිත තුල ඔහු කෙරේ ඇති දැඩි ලෙන්ගතුකම නිසාම මතු ආත්මයේ දස්කොන් හා එක වන්නට ඈ පෙරුම් පුරයි.
දස්කොන් – ප්‍රමිලා පෙම් කතාව අලලා බිහි වූ කළා කෘතීන්ද එමටය. ලංකේය ගීත සාහිත්‍යය ගත්තද මෙකී ප්‍රේම කතාව පාදක කොට ගත් ගීත කීපයක්ම හමු වෙයි. “සක්මන් කරන මළුව පාළුයි දේවී” ඉහත ගීතය එවන්ම ගීතයකි. ගේය පද රචනය රත්න ශ්‍රී විජේසිංහයන් විසිනි. මෙකී ප්‍රේම කතාවේ අවසානය එතරම් සුභවාදී නොවන එකකි. එකී විරහව, දුක්මුසු අවසානය වඩාත් දැනෙන අයුරින් සංගීත නිර්මාණ කටයුත්ත සිදු කර ඇත්තේ ගුණදාස කපුගේ ශූරීන් විසින් වන අතර ගායනයට දායක වී ඇති කරුණාරත්න දිවුල්ගනේ මහතා සහ සමිතා මුදුන්කොටුව මහත්මිය ඉතාමත් ප්‍රතිභා පූර්ණ ගායන ශිල්පීන් දෙදෙනෙක් වන බවද නොරහසකි.
Add caption
වනයට නුදුරු පිටිසර ගමක ගොවියකුට රූමත් දියණියක් සිටියා. වනයේ විසු සිංහයෙක් මේ සුරූපී ගොවි දැරිය කෙරෙහි පිළිබඳ සිතක් ඇති කර ගත්තා.
ඉතිං සිංහයා ඒ දැරිය ලබා ගන්නේ කෙසේදැයි කල් බලමින් උන්නා. දවසක් සිංහයා ගොවියා හමු වී තමාගේ අදහස ඔහුට කියා සිටියා. සිය දියණිය වන සතකුට පාවා දීම ඔහුට කිසිසේත් කළ නොහැක්කක්. එහෙත් සිංහයාගේ ඉල්ලීම එක එල්ලේම ප්‍රතික්ෂේප කරන්නට තරම් ඔහු සමත් නොඋනා. කෙසේ වෙතත් මෙයින් බේරීමට සිතු ඔහු, සිංහයාට මෙසේ කියුවා.
“ඔබ මගේ දියණියගේ සැමියා වීමට නම් ඔයතිබෙන තියුණු දත් උගුල්ලා දමා නියපොතුද කපා දැමිය යුතුයි. නැත්තම් මගේ දුව ඕවට බය වේවි.” යනුවෙන්.

සිංහයා ගොවි දියණිය කෙරේ කොතරම් ආදරය දැක්වුවද කියනවනම් ඒ ඉල්ලීමට එකහෙළා කැමති උනා. ගොවියා සිංහයාගේ දත් හා නිය උගුල්ලා දැම්ම. දැන් මට ගොවි දැරිය පාවා දෙයි කියා සිංහයා සිතන විටම ගොවියා මුගුරකින් ගසා සිංහයා පන්නා දැම්ම.


ඊසොප්ගේ උපමා කතා ඇසුරෙනි.
වෘකයෙක් රැලෙන් අතරමංවූ බැටළු පැටවෙක් දැක, සිය සැහැසි අත් ඌ මත නොහෙලා ම ඌ මරා කන්නට මගක් ​සොයා ගන්නට සිතුවේය.
යටහත් පහත්ව බැටළුවා ඈමතූ වෘකයා
...
"මහත්මයා​ණනි, පහුගිය වසරේ ඔබ මට නිර්දය ලෙස නින්දා කළායි" කීවේය.
"ඈත්ත වශයෙන්ම..." ඉතා අසරණ ස්වරයකින් ඈද පැද කිවූ බැටළු පැටවා "මම එතකොට ඉපදී හිටියේත් නැතැ"යි කී​වේය.
වෘකයා, "ඔබ මගේ තණබිම් වල තණ කෑවා" යි කීය.
"ඒක වැරදියි මහත්මයාණනි, මම තවම තණපතක රසබලාවත් නැත්තෙමි"යි බැටළුවා කීය.
"ඔබ මගේ ලිඳෙන් දිය බිව්වා" වෘකයා නැවතත් කීය.
"නෑ... නෑ... නෑ... මම තවම දිය පොදක් බීලා නැහැ. තවමත් මගේ එකම ආහාරය හා පානය අම්මාගේ කිරියි"
බැටළු පැටවා කලබලයෙන් හඬගාද්දීම වෘකයා ඌ අල්ලා මරා කමින්,
"හොඳයි... මා ගෙනා හැම දෝෂාරෝපණයම නිශ්ප්‍රභා කරන්නට උඹට පුළුවන් වුණත් මම බඩගින්නේ නම් ඉන්නේ නෑ..!"යි කීය.

ක්‍රෑර පාලකයා සෑමවිටම සිය ක්‍රෑරකම සාධාරණීකරණය කරයි.

[ඊසොප් ගේ උපමා කතාවකි.]

Thursday, February 18, 2016

මල් වරම් ලැබ පිපෙන තුරා නුඹ නටුවෙන් බිඳුණු එපා. පෙති ඇහැරෙන්නට පෙරාතුව පෙති ඇහැරවාලන සියක් දහසක් මල් කැකුළුවල ඉරණම අබිමුව අපි හඬා ඇත්තෙමු. අදටත් හඬන්නෙමු. දරුවකු වෙනුවෙන් කඳුළක් නෙතෙහි උපදින්නට ඒ දරුවා තම ලෙයින් කිරෙන් හැදුනු දරුවකුම විය යුතුද නැත. එය එසේ නොවන්නේ අයිතිය කවුරුන් සතු වුවත් කොන්දේසි විරහිතව දරුවන්ට ආදරය කරන්නට බොහෝ සිත් සතන් නිසගයෙන්ම පෙළඹෙන හෙයිනි.https://www.facebook.com/%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%93-%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B7%83-898520743551285/?ref=hl

Wednesday, February 17, 2016

PTC Independance day rehearsal

Interview with Anura Kumara Dissanayake About yoshitha Rajapaksha insident


ළමා පරපුර රටක, කලාපයක, මහද්වීපයක පමණක් නොව මුළු ලෝකයේම පවත්නා වටිනාම සම්පතයි. දරුවන් නිදහස් මනුෂ්‍ය කොටසකි. දරුවන් අපයෝජනයට හා අපචාරයට ලක්වීමේ ප‍්‍රවණතාව අද ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇත. වත්මන් ළමා පැවැත්මට තර්ජනයක් සේ යුද්ධය, ස්වභාවික විපත්, එච්.අයි.වී ආසාදනය, මන්දපෝෂණය කුරිරු ලෙස ශ‍්‍රමය ලබාගැනීම, මිත්‍යා විශ්වාස, ළමුන්ට විරුද්ධව කෲරත්වය, රැකවරණය නොමැතිවීම යනාදිය හඳුනා ගත හැක (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 2000:56). ලොව පුරා ළමයින් මිලියන 250ක් රැකියාවල යෙදෙති. මෙයින්ද වැඩි මිලියන ගණනක් රැකියා කරන්නේ ජිවිතයට තර්ජනයක් විය හැකි ඔවුන්ගේ සෞඛ්‍යයට හානිදායක, මුලික අධ්‍යාපනය ඔවුන්ට අහිමිකරන ලිංගික ක‍්‍රියාවලට එක් කරගනු ලැබේ(කම්කරු දෙපාර්තුමේන්තුව 2005:4).
වර්තමානයේ දස ලක්ෂ 18 කට වැඩි ජනගහනයක් ශී‍්‍ර ලංකාවේ වාසය කරති. මෙයින් දස ලක්ෂ හතක් වයස අවු: 18 ට අඩු ළමයින්ය.ශ‍්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් බොහෝ රටවලද දරිද්‍රතාවය, ඒඞ්ස්, යුද්ධය, අකුරු නොදත්කම යනාදිය ළමුන් කෙරෙහි අහිතකර ප‍්‍රතිඵල උදාකර දී තිබේ (Save the children ,date not mention :1-2).ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ ලෝකයේ සිටින කාන්තාවන්ගෙන් සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙක් බැගින් දුෂණය කිරීම හෝ දුෂණය කිරීමට තැත්කිරීමේ තර්ජනයට මුහුණපා ඇති බවයි. 1999 වර්ෂය තුළදී පර්යේෂණයක් අනුව ඇමරිකාවේ සෑම තප්පර 6 කට වරක්ම එක් ස්ත‍්‍රී දුෂණයක් බැගින් සිදුවන බවද පෙන්වා දී ඇත. ළමා අපයෝජනය හා ස්ත‍්‍රී දුෂණය ශ‍්‍රී ලංකාවේ සෑම දින 6කට වරක්ම එක් ස්ත‍්‍රී දුෂණයක් බැගින් සිදුවන බවද පෙන්වා දී ඇත






පසුහියදා බරපතල ලෙස අපයෝජනයට ලක්කොට ඝාතනය කළ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අදහස් පළකර සිටියා . බිදුණු පවුල් පසුබිම , නුගත්කම සහ ආරක්ෂාව නොමැති වීම නිසා වැඩි වශයෙන් මෙම අපචාරයන්ට කුඩා දරුවන් සහ කාන්තාවන් ගොදුරුවන බව ඔහු පවසා සිටියා . මේ ඒ පිළිබදව ඔහු දැක්වූ වැඩිදුර අදහස් .

ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර වලට වැඩි වශයෙන්ම බලපානවා එකක් තමයි බිදුණු පවුල් පසුබිම. දෙවැනි කාරනය තමයි ළමයින් සම්බන්ධයෙන් දෙමව්පියන්ගේ අවධානය අඩු වීම. ඒකට හොදම උදාහරණය තමයි පසුගිය දිනවල සිදුවුණු කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය . ඒ මව තමන්ගේ දියණිය නැති බවත් දැක දැක නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ සොයන්න. ඊළගට නුගත්කම සහ අපි දන්නවා සමහර සමාජ ස්ථර තියෙනවා එකට ජිවත් වෙන පවුල් පරිසර තියෙනවා . ළග ළග ගෙවල් තියෙන විශාල ප්‍රමාණයක් තියෙන අන්න ඒ තුලිනුත් මෙවැනි අපරාධ සිදුවෙන්න පුළුවන්. ඉතින් මේ ආදී වශයෙන් නොයෙකුත් හේතු සාධක තියෙනවා ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර සිදුවීමට . මේවා හදුන්වන්නේ ශරීරයට එරෙහි වැරදි කියල. මේ වැරදි පොලිසිය පැත්තෙන් ගත්තොත් එහෙම අපි දෙආකාරයකට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා . එකක් තමයි අපි මේ වැරදි වැළැක්වීමට ක්‍රියාත්මක වෙනවා . දෙවැනි එක තමයි හැම වරදක්ම වලක්වන්න බැහැ . වැරදි වෙනවා. වැරදි වුනාට පස්සේ ඒ වරද විමර්ශනය කිරීමට අපේ දායකත්වය ලබා දෙනවා . විමර්ශනය කිරීම තුලින් අපි කරන්නේ සාක්ෂි සෙවීම . සාක්ෂි සොයාගෙන අධිකරණය ඉදිරියේ වැරදිකරු කිරීමට අවශ්‍ය කටයුතු සලස්වල දීම . එතකොට ඒ සදහා අපේ පොලිස් දෙපාර්තමේන්තුව සදහා යාන්ත්‍රණයක් තියෙනවා . පොලිස් ස්ථාන මට්ටමින් ඒ විමර්ශන සිදුවෙනවා . හැම පොලිස් ස්ථානයකම තියෙනවා ළමා හා කාන්ත කාර්යාංශයක්. ඊට අමතරව ප්‍රධාන කාර්යාංශය තියෙනවා ළමා හා කාන්තා කාර්යාංශය . ඒක ජෙෂ්ඨ පොලිස්පතිවරයෙකුගේ අධීක්ෂණය යටතේ ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් විසින් ක්‍රියාත්මක කරන ළමා හා කාන්තා කාර්යාංශයක් . ඉතින් ඒ සංවිධාන කීපයක් යටතේ අපි මේ ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා .