ළමා පරපුර රටක, කලාපයක, මහද්වීපයක පමණක් නොව මුළු ලෝකයේම පවත්නා වටිනාම සම්පතයි. දරුවන් නිදහස් මනුෂ්‍ය කොටසකි. දරුවන් අපයෝජනයට හා අපචාරයට ලක්වීමේ ප‍්‍රවණතාව අද ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇත. වත්මන් ළමා පැවැත්මට තර්ජනයක් සේ යුද්ධය, ස්වභාවික විපත්, එච්.අයි.වී ආසාදනය, මන්දපෝෂණය කුරිරු ලෙස ශ‍්‍රමය ලබාගැනීම, මිත්‍යා විශ්වාස, ළමුන්ට විරුද්ධව කෲරත්වය, රැකවරණය නොමැතිවීම යනාදිය හඳුනා ගත හැක (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 2000:56). ලොව පුරා ළමයින් මිලියන 250ක් රැකියාවල යෙදෙති. මෙයින්ද වැඩි මිලියන ගණනක් රැකියා කරන්නේ ජිවිතයට තර්ජනයක් විය හැකි ඔවුන්ගේ සෞඛ්‍යයට හානිදායක, මුලික අධ්‍යාපනය ඔවුන්ට අහිමිකරන ලිංගික ක‍්‍රියාවලට එක් කරගනු ලැබේ(කම්කරු දෙපාර්තුමේන්තුව 2005:4).
වර්තමානයේ දස ලක්ෂ 18 කට වැඩි ජනගහනයක් ශී‍්‍ර ලංකාවේ වාසය කරති. මෙයින් දස ලක්ෂ හතක් වයස අවු: 18 ට අඩු ළමයින්ය.ශ‍්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් බොහෝ රටවලද දරිද්‍රතාවය, ඒඞ්ස්, යුද්ධය, අකුරු නොදත්කම යනාදිය ළමුන් කෙරෙහි අහිතකර ප‍්‍රතිඵල උදාකර දී තිබේ (Save the children ,date not mention :1-2).ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ ලෝකයේ සිටින කාන්තාවන්ගෙන් සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙක් බැගින් දුෂණය කිරීම හෝ දුෂණය කිරීමට තැත්කිරීමේ තර්ජනයට මුහුණපා ඇති බවයි. 1999 වර්ෂය තුළදී පර්යේෂණයක් අනුව ඇමරිකාවේ සෑම තප්පර 6 කට වරක්ම එක් ස්ත‍්‍රී දුෂණයක් බැගින් සිදුවන බවද පෙන්වා දී ඇත. ළමා අපයෝජනය හා ස්ත‍්‍රී දුෂණය ශ‍්‍රී ලංකාවේ සෑම දින 6කට වරක්ම එක් ස්ත‍්‍රී දුෂණයක් බැගින් සිදුවන බවද පෙන්වා දී ඇත
No comments:
Post a Comment