Wednesday, February 17, 2016




පසුහියදා බරපතල ලෙස අපයෝජනයට ලක්කොට ඝාතනය කළ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අදහස් පළකර සිටියා . බිදුණු පවුල් පසුබිම , නුගත්කම සහ ආරක්ෂාව නොමැති වීම නිසා වැඩි වශයෙන් මෙම අපචාරයන්ට කුඩා දරුවන් සහ කාන්තාවන් ගොදුරුවන බව ඔහු පවසා සිටියා . මේ ඒ පිළිබදව ඔහු දැක්වූ වැඩිදුර අදහස් .

ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර වලට වැඩි වශයෙන්ම බලපානවා එකක් තමයි බිදුණු පවුල් පසුබිම. දෙවැනි කාරනය තමයි ළමයින් සම්බන්ධයෙන් දෙමව්පියන්ගේ අවධානය අඩු වීම. ඒකට හොදම උදාහරණය තමයි පසුගිය දිනවල සිදුවුණු කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය . ඒ මව තමන්ගේ දියණිය නැති බවත් දැක දැක නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ සොයන්න. ඊළගට නුගත්කම සහ අපි දන්නවා සමහර සමාජ ස්ථර තියෙනවා එකට ජිවත් වෙන පවුල් පරිසර තියෙනවා . ළග ළග ගෙවල් තියෙන විශාල ප්‍රමාණයක් තියෙන අන්න ඒ තුලිනුත් මෙවැනි අපරාධ සිදුවෙන්න පුළුවන්. ඉතින් මේ ආදී වශයෙන් නොයෙකුත් හේතු සාධක තියෙනවා ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර සිදුවීමට . මේවා හදුන්වන්නේ ශරීරයට එරෙහි වැරදි කියල. මේ වැරදි පොලිසිය පැත්තෙන් ගත්තොත් එහෙම අපි දෙආකාරයකට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා . එකක් තමයි අපි මේ වැරදි වැළැක්වීමට ක්‍රියාත්මක වෙනවා . දෙවැනි එක තමයි හැම වරදක්ම වලක්වන්න බැහැ . වැරදි වෙනවා. වැරදි වුනාට පස්සේ ඒ වරද විමර්ශනය කිරීමට අපේ දායකත්වය ලබා දෙනවා . විමර්ශනය කිරීම තුලින් අපි කරන්නේ සාක්ෂි සෙවීම . සාක්ෂි සොයාගෙන අධිකරණය ඉදිරියේ වැරදිකරු කිරීමට අවශ්‍ය කටයුතු සලස්වල දීම . එතකොට ඒ සදහා අපේ පොලිස් දෙපාර්තමේන්තුව සදහා යාන්ත්‍රණයක් තියෙනවා . පොලිස් ස්ථාන මට්ටමින් ඒ විමර්ශන සිදුවෙනවා . හැම පොලිස් ස්ථානයකම තියෙනවා ළමා හා කාන්ත කාර්යාංශයක්. ඊට අමතරව ප්‍රධාන කාර්යාංශය තියෙනවා ළමා හා කාන්තා කාර්යාංශය . ඒක ජෙෂ්ඨ පොලිස්පතිවරයෙකුගේ අධීක්ෂණය යටතේ ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් විසින් ක්‍රියාත්මක කරන ළමා හා කාන්තා කාර්යාංශයක් . ඉතින් ඒ සංවිධාන කීපයක් යටතේ අපි මේ ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා .

No comments:

Post a Comment