Friday, February 19, 2016

වෘකයෙක් රැලෙන් අතරමංවූ බැටළු පැටවෙක් දැක, සිය සැහැසි අත් ඌ මත නොහෙලා ම ඌ මරා කන්නට මගක් ​සොයා ගන්නට සිතුවේය.
යටහත් පහත්ව බැටළුවා ඈමතූ වෘකයා
...
"මහත්මයා​ණනි, පහුගිය වසරේ ඔබ මට නිර්දය ලෙස නින්දා කළායි" කීවේය.
"ඈත්ත වශයෙන්ම..." ඉතා අසරණ ස්වරයකින් ඈද පැද කිවූ බැටළු පැටවා "මම එතකොට ඉපදී හිටියේත් නැතැ"යි කී​වේය.
වෘකයා, "ඔබ මගේ තණබිම් වල තණ කෑවා" යි කීය.
"ඒක වැරදියි මහත්මයාණනි, මම තවම තණපතක රසබලාවත් නැත්තෙමි"යි බැටළුවා කීය.
"ඔබ මගේ ලිඳෙන් දිය බිව්වා" වෘකයා නැවතත් කීය.
"නෑ... නෑ... නෑ... මම තවම දිය පොදක් බීලා නැහැ. තවමත් මගේ එකම ආහාරය හා පානය අම්මාගේ කිරියි"
බැටළු පැටවා කලබලයෙන් හඬගාද්දීම වෘකයා ඌ අල්ලා මරා කමින්,
"හොඳයි... මා ගෙනා හැම දෝෂාරෝපණයම නිශ්ප්‍රභා කරන්නට උඹට පුළුවන් වුණත් මම බඩගින්නේ නම් ඉන්නේ නෑ..!"යි කීය.

ක්‍රෑර පාලකයා සෑමවිටම සිය ක්‍රෑරකම සාධාරණීකරණය කරයි.

[ඊසොප් ගේ උපමා කතාවකි.]

No comments:

Post a Comment