![]() |
Add caption |
ඉතිං සිංහයා ඒ දැරිය ලබා ගන්නේ කෙසේදැයි කල් බලමින් උන්නා. දවසක් සිංහයා ගොවියා හමු වී තමාගේ අදහස ඔහුට කියා සිටියා. සිය දියණිය වන සතකුට පාවා දීම ඔහුට කිසිසේත් කළ නොහැක්කක්. එහෙත් සිංහයාගේ ඉල්ලීම එක එල්ලේම ප්‍රතික්ෂේප කරන්නට තරම් ඔහු සමත් නොඋනා. කෙසේ වෙතත් මෙයින් බේරීමට සිතු ඔහු, සිංහයාට මෙසේ කියුවා.
“ඔබ මගේ දියණියගේ සැමියා වීමට නම් ඔයතිබෙන තියුණු දත් උගුල්ලා දමා නියපොතුද කපා දැමිය යුතුයි. නැත්තම් මගේ දුව ඕවට බය වේවි.” යනුවෙන්.
සිංහයා ගොවි දියණිය කෙරේ කොතරම් ආදරය දැක්වුවද කියනවනම් ඒ ඉල්ලීමට එකහෙළා කැමති උනා. ගොවියා සිංහයාගේ දත් හා නිය උගුල්ලා දැම්ම. දැන් මට ගොවි දැරිය පාවා දෙයි කියා සිංහයා සිතන විටම ගොවියා මුගුරකින් ගසා සිංහයා පන්නා දැම්ම.
ඊසොප්ගේ උපමා කතා ඇසුරෙනි.
No comments:
Post a Comment